Placeholder image
Placeholder image
Placeholder image
Placeholder image
Placeholder image
Placeholder image

ඔබත් අපත් මුහුණදෙන ඉතාම තීරණාත්මක මහ මැතිවරණයට ඇත්තේ තවත් දින කිහිපයකි ඉතිහාසය පුරා විවිධ පුද්ගලයන්ට ඡන්දය හා මනාපය ඔබත් අපත් පල කලේ ප්‍රබල විශිවාසයකිනි එහෙත් අප රැවටුණු වාර අනන්තය තව දුරටත් අප රුවටිය යුතු ද? . එබැවින් ඔබේ වටිනා ඡන්දය හා මනාපය ලබා දීමට පෙර සුදුසා තෝරා ගැනීම කාලෝචිත වේ.
මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් පොහොට්ටුව ලකුණ යටතේ අංක 3න් තරඟ වඳින අජිත් රෝහණ සුබසිංහ නම් වු ඔහු......

සතා සිවුපාවාට ද ,ගහට කොළට ද පරිසරයට ලෙන්ගතුපාමින් ගීතයට සංගීතයට කලාවට ඇළුම් කරන සොදුරු මිනිසෙකි. දේශීය ව්‍යාපාරිකයින් අතර මුල් පෙලේ වැජඹෙන අජිත් සුබසිංහයන් මහා වයවසායකයෙකි,දක්ෂ පරිපාලකයෙකි,විදුලි සංදේශ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අති දැවැන්තයෙකි.දහසකට අධික සේවක සංඛ්‍යාවකට පියෙකු බදු ඔහු අමාත්‍යංශ ගණනාවක උපදේශක ධුර දරමින් කිසිදු දීමනාවක් හෝ ප්‍රතිලාභ ලබා නොගත්තෙකි.මිනිසත් කම හමුවේ හදවත උනුවන දානපතියෙකි.පැමිණි ව්‍යාපාරික දිගු ගමනේ දේශිය සහ ජාත්‍යන්තර දැනුම ද මුසුකොට ගනිමින් ශ්‍රි ලාංකීක ආර්ථිකය සමඟින් ජන ජිවිතය ගොඩනංවන්නට දිවා රෑ වෙහෙසෙන්නෙකි. .

ජපානයේදි ලද අත්දැකිම් නිසාමදෝ දිවා රෑ නොබලා කඩිසරව නියමිත වේලාවට වැඩ කටයුතු ආරම්භ කිරීම සියල්ල සැලසුම් සහගතව සිදු කිරීම නිසාම තම දිවියේ වසර පනහක් තුළ ව්‍යාපාර ලොව දිග් විජය කිරිමට ඔහුට හැකි විය.

තම ආර්ථිකය ශක්තිමත් නොවි දේශපාලනය කර ධනවත්වු දේශපාලනිකයින්ට ඔහු ආදර්ශ සපයමින් ආර්ථිකය ශක්තිමත් කර ගෙන දේශපාලනය කල යුතුය යන්න සනාථ කළේය.

මහින්ද රාජපක්ෂ මැතිදුන් සහ බැසිල් රාජපක්ෂ මැතිදුන්ගේ විශේෂ ආරාධනය මත ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි ඔහු තම සාධාරණ ධනය මහින්ද චින්තනය පණගන්වන්නට දිවි හිමියෙන් කාලය සහ ශ්‍රමය වැය ‍කළේය.

2015 වසරේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජය පරාජයට පත්විය. ඒ සමඟම මහින්ද මැතිදුන් සමඟ සිටි බොහෝ අය ඔහු හැර ගොස් ප්‍රතිවාදින්ගේ සුරතලුන් බවට පත්විය. ඇතැම්හු රාජපක්ෂ කඳවුරට ගරහමින් විවිධ තනතුරු හා වරප්‍රසාද ලැබුහ. එකල්හි වාමවාදි කඳවුර රැකිමට අජිත් සුබසිංහ නම් වු ප්‍රගතිශිලි නායකයා පෙරට පැමිණියේය. කොලොන්නාවේ වාමවාදි දේශපාලනය හිස් කඩදාසියක් බවට පත්ව තිබිය දී එහි පොහොට්ටුව ලකුණ ඇඳ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ නාමය සටහන් කලේ සුබසිංහ මහතා බව ප්‍රසිද්ධ රහසකි.

පසුබෑමට පත්වු කොලොන්නාව ආසනයේ ප්‍රගතිශිලි කඳවුරට නායකත්වය දුන් ඔහු බැසිල් රාජපක්ෂ මැතිදුන් පෙහොට්ටු පක්ෂය ආරම්භ කරන මොහොතේ සිට අද දක්වා රට පුරා ගෙන ගොස් ජය කෙහෙලි නංවන මොහොත දක්වා ඉන්ද්‍රඛිලයක් සේ නොසැලී සිටියේය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේ කොලොන්නාවට විශිෂ්ට ජයක් ලබා ගැනීමට සුබසිංහ මහතා තම ධනය, කාලය, ශ්‍රමය මෙන් ම උපාය මාර්ගික දේශපාලන ක්‍රමවේද භාවිතා කලේය. එහි එක් ප්‍රතිඵලයක් වුයේ එම මැතිවරණයේ “සමනළයා”ලකුණ යටතේ එක්සත් සාම සන්ධානයේන් තරඟ කල අපේක්ෂකයෝ මැතිවරණය අතර තුර පොහොට්ටු වේදිකාවට ගැනීමට එතුමා සමත් විය. පරාජයට පත්ව වෙහෙස කරව සිටි ප්‍රගතිශිලි බලමුලු අලුත් දිශානතියකට යොමු කරමින් ගෝඨාභය රාජපක්ෂ මැතිදුන් අප රටේ ජනාධිපති කරන සටන දක්වා නොනිමි ගමනේ පෙර ගමන්කරුවෙකු විය.

ඔහු තනා දෙන වේදීකාවේ ක්‍රියාවෙන් නොව වචනයෙන් පමණක් බැබලෙන කැපී පෙනෙන පුද්ගලයින් හමුවේ නිහඩව අනුකම්පා සහගත විය. සුබසිංහ මහතා නිතරම තෝරා ගත්තේ ලඳ බොලඳ විකට දේශපාලනය වෙනුවට ජනතාව ඉල්ලන ප්‍රබුද්ධ දේශපාලනයකි.

69 ලක්ෂයක් ජනතාව මනාපය පල කරමින් ගෝඨාභය රාජපක්ෂ මැතිදුන් හට රටභාර කරද්දී කොළඹ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්නට දිවා රෑ නොබලා තම කාලය ශ්‍රමය විශේෂයෙන්ම ධනය වැය කල ඔහු පැතුවේ රටේ සමස්ත ජනතාවටත් නුපන් දරුවන්ටත් නව කොළඹක් බිහි කරන්නට යි.

ඔහු ලද දේශිය විදේශිය අත්දැකිම් මුසුකරගනිමින් බහුතරයකට නොදැනෙන නොපෙනෙන නව කොළඹට සුබසිංහ අංක 03 න් අජිත් සුබසිංහ නමින් නව කොළඹට සුබ සැලැස්මක් ඉදිරිපත් කරමින් ඔහු මෙවර පොහොට්ටුව දිනවමින් පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ.....හොරකම් නොකරන්නෙකු උගතෙකු දේශිය විදේශිය අත්දැකීම් ඇත්තෙකු ,තරුණ ජවයක් ඇත්තෙක් නොයවා ජනපතිතුමාට නව කොළඹ සැලැස්ම ක්‍රියාත්මක කල නොහැකි නිසාමයි.

ඒනිසා ගරුතර ස්වාමින් වහන්ස,පුජකතුමනි,මව්වරුනි ,පියවරුනි ,සහෝදර,සහෝදරියන් නැවතත් අපි හෘද සාක්ෂිය අවධි කරමු.

හඳවතට එකඟව නිවැරදි තීරණය රට වෙනුවෙන් ගෙන පොහොට්ටුවට ඡන්දය සලකුණු කොට අංක 03 ට මනාපය ලබාදෙන මෙන් රටේ මතු පරපුරේ අභිවෘද්ධිය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් සමස්ත ජනතාවගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

සුබ අනාගතයක් වේවා..

ලේකම් ,
වෘත්තීය වේදින්ගේ සංගමය
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ.

ගරුතර ස්වාමින් වහන්ස,පුජකතුමනි,මව්වරුනි ,පියවරුනි ,සහෝදර,සහෝදරියනි,දු දරුවනි

ඔබ වෙනුවෙන් ජනතා සේවයට එදත් අදත් හෙටත් කැපවෙන මා මන්ත්‍රී වැටුප සහ වරප්‍රසාද ලබා නොගන්නා බවට සපථ වෙමි.ධුර කාලය තුළව්‍යාජ මිනිසුන් අතර අව්‍යාජ වන්නට අසාධාරණ මිනිසුන් අතර සාධාරණ වනුනටත් ලද දැනුම හා අත්දැකිම් රටට පුද කරන්නටත් දිවා රෑ නොබලා ගරුජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ,අගමැති මහින්ද රාජපක්ෂ මැතිදුන සමඟ දිවි හිමියෙන් රට රකිමි , ඇප ‍වෙමි,කැප වෙමි.මාගේ "නව කොළඹට සුබ සැලැස්ම" ප්‍රතිපත්ති ප්‍රකාශය නැරබීමෙන් ඉදිරි වැඩපිළිවල පිළිබද ඔබට අදහසක් ලබා ගත හැක. ස්තූතියි.

මම ,
අජිත් රෝහණ සුබසිංහ
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක

පසුගිය වැඩසටහන්...

2020-08-02 23:50:00

විජයග්‍රාහී අවසාන…

අජිත් රෝහණ සුබසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ අවසාන මහා ජන…

Read More...

2020-08-02 23:20:28

මහරගම විවේකාරාමයේදී පැවති ජයග්‍රාහී හමුව

" කොළඹ දිනන සටන " වැඩසටහන් මාලාවේ අවසන් හමු මාලාව අද (02) පැවැත්විණි. මහරගම විවේකාරාමයේදී…

Read More...

2020-08-02 23:52:15

කොළොන්නාව කොටිකාවත්ත T.C පාර ප්‍රදේශයේ ජනතාවගේ…

" කොළඹ දිනන සටන " වැඩසටහන් මාලාවේ අවසන් හමු මාලාව අද (02) කොළොන්නාව , කොටිකාවත්ත…

Read More...

2020-08-02 23:43:22

කොළොන්නාව ආසනයෙහි සේදවත්ත ප්‍රදේශයේ ජනතාවගේ පිළිගැනීම

" කොළඹ දිනන සටන " වැඩසටහන් මාලාවේ අවසන් හමු මාලාව අද (02) කොළොන්නාව ආසනයෙහි සේදවත්ත…

Read More...

කොලොන්නාව දිනවන්නට මා හා එක්වූ ඔබ සැමට ස්තුතියි

විජයග්‍රාහී අවසාන මහා ජන රැලිය

නව කොළඹට සුබසිංහ පොදුජන පෙරමුණ කොළඹින් අංක 3

ගිලන් නොවූ මනුස්සකම සහන සේවා ක්‍රියාන්විතය

දිරිය ඈ කාන්තා සංවිධානයෙහි මහා සම්මේලනය

මහින්ද හැර නොගිය කොළොන්නාවේ නිවැරදි නායකත්වය

කොළොන්නාවේ ස්වර්ණමය යුගය නැවතත් ඇරඹුණු වගයි....

Sirasa TV ජන බලය කාට ද? ජන බලය කොතන ද ? | අලුත් දවස | Aluth Dawasa Programme

Siyatha TV Aluth Para - අලුත් පාර Programme

Ada Derana 24-ROAD TO THE PARLIAMENT : EP 06

කුඩු අයිස් ගංජා අතරින් දියවන්නාවට එන අමුතු මිනිසා

Siyatha TV 10 10 Programme

නිළ තේමා ගීතය

ringin tone

ඉදිරි වැඩසටහන්...


13
Aug